2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රජයේ විධායක නිලධාරීන් හෙට (20) දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වන බව අද (19) නිවේදනය කළේය.
රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20ක් මෙම වර්ජනයට එක්වන අතර, විධායක ශ්‍රේණි 20ක් නොසලකා හරිමින් රජය විසින් තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයකට පමණක් දීමනා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් මෙම පියවර ගන්නා බව ඔවුහු පවසති.
මේ අතර, මෙවර අයවැයෙන් රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබා නොදීමට විරෝධය පළ කරමින් එළඹෙන නොවැම්බර් 23 වැනිදා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව ප්‍රකාශ කළේය. පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු සේවකයින් මෙම දීමනාව ඉල්ලා සිටින බවත්, ප්‍රධාන විදුහල්පති සංගම් 7ක් සහ ගුරු සංගම් 20කට ආසන්න සංඛ්‍යාවක් 23 වැනිදා විරෝධතාව සඳහා පෙළගැසී සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
–



