33 වන APEC ආර්ථික නායක සමුළුවේ ප්‍රතිඵලය දැනුවත් කෙරේ

Share

චීන විදේශ අමාත්‍යාංශය අද(19) මාධ්‍ය හමුවක් පවත්වමින් Shenzhenහි පැවති 33වන APEC ආර්ථික නායක සමුළුවේ ප්‍රතිඵලය දැනුම් දෙයි.
ඊයේ(19) පෙරවරුවේ ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් 33වන APEC ආර්ථික නායක සමුළුව Shenzhen නග‍රයේ පැවැත්වූ අතර එහිදී ඔහු වැදගත් දේශනයක් සිදු කළ බව ප්‍රකාශක Guo Jiakun පැවසීය.
පසුගිය දශක තුනකට වැඩි කාලයක් තුළ, ආසියා-පැසිෆික් කලාපය වේගවත් ආර්ථික වර්ධනයේ ආශ්චර්යයක් නිර්මාණය කර ඇත. නව අවස්ථා සහ අභියෝග හමුවේ, අන්‍යෝන්‍ය සහයෝගය, විවෘතභාවය සහ ඒකාබද්ධතාවය, නවෝත්පාදනය මත පදනම් වූ ප්‍රගතිය සහ අන්තර්කරණ සංවර්ධනය පිළිබඳ ආසියා – පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වන බව ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ දේශනයේ සඳහන් වේ.
ෂී ජින්පිං ආසියා – පැසිෆික් සහයෝගීතාවයට සහාය වීමේ චීනයේ පියවර නිවේදනය කළේය. APEC තුළ ප්‍රායෝගික සහයෝගීතාව සඳහා අරමුදල් සැපයීම, Shenzhen හි ආසියා – පැසිෆික් ප්‍රජාව සඳහා පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ ඩිජිටල් තාක්‍ෂණය, දේශසීමා දත්ත ප්‍රවාහය, පවිත්‍ර බලශක්තිය හා කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතා ආයතන පිහිටුවීම එහි ඇතුළු වන බව Guo Jiakun විස්තර කළේය.
සමුළුව APEC නායකයින්ගේ ප්‍රකාශය ද සම්මත කර ඇත. ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීම සඳහා “Shenzhen දැක්ම” ඉදිරිපත් කළ අතර වෙළඳාම, සන්නිවේදනය සහ නවෝත්පාදන ක්ෂේත්‍රය ආවරණය වන ප්‍රතිඵල ලේඛන තුනක් අනුමත කළ බව ද එම ප්‍රකාශකයා පැවසීය.

Read more

Local News