ලිබියාවේ වෙරළබඩ නගරයක් වන Benghazi හි නාවික හමුදා කඳවුරක නැංගුරම්ලා තිබූ රුසියානු නෞකාවක සිදුවූ පිපිරීමට ඩ්‍රෝන ප්‍රහාරයක් හේතු වන්නට ඇති බව වාර්තා වේ.
රටවල් දෙක අතර පවතින සමුද්‍රීය සහයෝගීතා ගිවිසුමක් යටතේ ඉන්ධන සහ සැපයුම් ලබාගැනීම සඳහා මෙම නෞකාව එම වරායට පැමිණ ඇත. එම කටයුතුවලින් අනතුරුව නෞකාව යළි රුසියාව බලා යාමට නියමිතව තිබුණි.
Planet Labs ආයතනය විසින් ඉරිදා ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවලින් වරාය ප්‍රදේශයෙන් විශාල දුම් රොදක් ඉහළට නැඟෙන අයුරු දැකගත හැකි විය.
මේ අතර, Reuters පුවත් සේවය ලබාගත් සමාජ මාධ්‍ය වීඩියෝ දර්ශනවලින් වරායේ නැංගුරම්ලා තිබූ නෞකාවක් ගින්නෙන් වැසී ඇති අයුරු ද දක්නට ලැබේ.
චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණ ආයතනයක් වන Vantor අනුව, මෙම නෞකාව රුසියානු නාවික හමුදාවට අයත් Corvette වර්ගයේ යුද නෞකාවකි. එය සාපේක්ෂව කුඩා ප්‍රමාණයේ යුද නෞකා වර්ගයකි
Share
Read more



