චීනයේ 6G නියමු වැඩසටහන නිල වශයෙන් දියත් කෙරේ

Share

චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ඊයේ(24) ශැංහයි නගරයේදී 6G නවෝත්පාදනය සහ සංවර්ධන සහයෝගීතාව සඳහා වන නියමු වැඩසටහනක් නිල වශයෙන් දියත් කළේය.
ඒ අනුව, බෙයිජිං, හෙබෙයි, ශැංහයි, ජියැන්ග්සු, ෂෙජියැං, අන්හුයි, හුබෙයි සහ ගුවැන්ඩොං යන පළාත් සහ නගර අට 6G නියමු ව්‍යාපෘති පැවැත්වීමට අනුමැතිය ලබා දී ඇත.
මෙවර නියමු වැඩසටහනේ ප්‍රධාන කාර්යභාර්ය වන්නේ, ජාතික මට්ටමේ පද්ධති සැකැස්ම මත පදනම්ව, ඒ ඒ පළාත්වල හා නගරවල දේශීය තත්ත්වයන්ට අනුවර්තනය වෙමින්, නව පර්යන්ත, චිප් උපාංග සහ චන්ද්‍රිකා අන්තර්ජාලය වැනි 6G ආශ්‍රිත කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කිරීමයි. සන්නිවේදනය, කාර්මික නිෂ්පාදනය, අඩු උන්නතාංශ ආර්ථිකය සහ සමුද්‍ර ආර්ථිකය වැනි විභව යෙදුම් සඳහා 6G ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර ජාතික වශයෙන් ඒකාබද්ධ 6G සංවර්ධන රටාවක් සකස් කිරීමට ද එමගින් අපේක්ෂා කෙරේ.
ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංවිධානය විසින් නියම කර ඇති කාලසටහනට අනුව, 6G ජාත්‍යන්තර ප්‍රමිතියේ පළමු අනුවාදය 2029 පළමු භාගයේදී නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ. 6G ප්‍රමිතීන් පිළිබඳ මූලික පර්යේෂණ 2027 පළමු භාගයේදී අවසන් කෙරෙන අතර, 6G තාක්ෂණික ප්‍රමිතීන් පිළිබඳ පර්යේෂණ දැන් අවසන් අදියරට පැමිණ තිබීම විශේෂත්වයකි.

Read more

Local News