90වන උදා ගම්මානය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 90වන උදා ගම්මානය වන මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි “නන්දකුමාර් නගර්” ජනතා අයිතියට පැවරේ.
ඒ අද (06) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහි මුළු නිවාස ගණන 30කි. නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබාදී තිබෙන අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
“නන්දකුමාර් නගර්” ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 7.5කි. සෑම නිවසකටම පර්චස් 40බැගින් ලබාදී තිබේ.
ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.
Exit mobile version