හොරණ කණන්විල පළතුරු තාක්ෂණික ප්‍රදර්ශනය ඇරඹේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ශ්‍රමශක්ති වැඩපිළිවෙලට සහයෝගය පල කරමින් හොරණ කණන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය ඊයේ (07) ආරම්භ වූ අතර ප්‍රදර්ශනය අද (08) සහ හෙට 09 දක්වා පැවැත්වෙයි.

මෙම පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනයේ දී පලතුරු අලෙවි කිරීම, පලතුරු වලින් සකසා ගන්නා ආහාර පාන මෙන්ම පලතුරු පැළ අලෙවි කිරීමත් පලතුරු වගාව පිළිබඳ තාක්ෂණික දැනුම ලබා දීමත් සිදු කෙරේ.

එමෙන්ම පලතුරු වගාවේ දී පටක රෝපණ තාක්ෂණ භාවිතය අස්වැන්න නෙලීම හා ගබඩා කිරීම, රෝග පළිබෝධ පාලනය වසවිසෙන් තොරව පලතුරු ඉදවීම, අපනයනය සඳහා පලතුරු නිපදවීම මෙන්ම ආහාර සුරක්ෂිතතාව වැනි කරුණු ගණනාවක් කෙරෙහි මෙම ප්‍රදර්ශනයේ දී අවධානය යොමු කර ඇත.

Exit mobile version