ප්‍රගාමී තොරතුරු ප්‍රකාශයට පත් කිරීමේ සංස්කෘතිය හඳුන්වා දිමේ පළමු වැඩමුළුව කොළඹදී

තොරතුරු පනත යටතේ ප්‍රගාමී තොරතුරු ප්‍රකාශයට පත් කිරීමේ සංස්කෘතිය රාජ්‍ය ආයතනයන් වෙත හඳුන්වාදීමේ අරමුණින් ආරම්භ කරන ලද නියමු ව්‍යාපෘතියේ පළමු වැඩමුළුව කොළඹදී පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ඒකාබද්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් පොදු අධිකාරීන්ගේ වෙබ් අඩවි යාවත්කාලීන කර තොරතුරු පනතේ උපදෙස් ප්‍රකාරව ප්‍රගාමී තොරතුරු වෙබ් අඩවිය හරහා ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍යම ආධාර ආයතන වෙත සපයනු ලැබේ.

ජනතාවට අවශ්‍ය වන තොරතුරු ඉල්ලීමකට පෙර ප්‍රදර්ශනය කිරීම මෙහිදී සිදු වේ.

මෙම පළමු ව්‍යාපෘතිය සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ පර්යේෂණ කුසලතා සංවර්ධන වෘත්තීය පුහුණු හා කදුරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය , කෝට්ටේ මහ නගර සභාව තෝරා ගෙන තිබේ.

මෙහිදී පළමුව මෙම ආයතනයන්හී ප්‍රගාමී ලෙස ප්‍රදර්ශනය කළ හැකි තොරතුරු හඳුනා ගැනීම සහ දත්ත පද්ධතිය සකස් කීරීම සඳහා කණ්ඩායම් පත්කරන ලද අතර ඔවුන් පුහුණු කීරීම මෙම වැඩමුළුවේ අරමුණ විය.

Exit mobile version