ලකී ජයවර්ධන මහතා සහ ජේ. සී. අලවතුවල මහතා රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙයි

නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ. සී. අලවතුවල මහතා අද (10) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ය.

ලකී ජයවර්ධන මහතා මීට පෙර කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ජේ. සී. අලවතුවල මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාව කටයුතු කරන ලදී.

Exit mobile version