සංචාරකයින් මිලියන 300ක් අයිෆල් කුළුණ නැරඹීමට

1889 වසරේ සංචාරකයින්ට විවෘත කෙරුණු අයිෆල් කුළුණ උසින් මීටර් 324ක් ය. 1889 වසරේ සිට මේ දක්වා කාලය තුළ සංචාරකයින් මිලියන 300ක් එම කුළුණ නැරඹීමට පැමිණ තිබෙන බව වාර්තාවී තිබේ.

එය සමරනුවස් කුළුණ විදුලි බුබුලුවලින් අලංකාර කර සංගීතය ද මුසු කරමින් සැමරුම් උත්සවයක් පැවැත්වීමටයි ප්‍රංශය කටයුතු කළේය.

වාර්ෂිකව මෙම කුළුණ නැරඹීමට සංචාරකයින් බොහෝ පිරිසක් පැමිණේ. පසුගිය වසරේ පමණක් එසේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 5.8කි.

Previous articleඩොල්ෆින් මසුන් ධීවර පන්නවලට හසුවීම නොවැළැක්වූවහොත් ඉදිරියේ දී අවදානමක්
Next articleශ්‍රී ලංකාව ලකුණු 386යි, කඩුලු 5යි