ඔක්තෝම්බර් 01 වැනිදා පාසැල් දරුවන්ට සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යානවලට ඇතුළුවීම නොමිලේ

Share

ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් ඔක්තෝම්බර් 1වැනිදා දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල ජාතික සත්වෝද්‍යානය සහ පින්නවල අලිඅනාථාගාරය නැරඹීමට පැමිණෙන අවුරුදු 12ට අඩු දරුවන්, වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සහ පාසැල් නිල ඇඳුමින් පැමිණෙන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.

ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යනයේ පැවැත්වීමට නියමිත විශේෂ ළමා වැඩසටහන ඔක්තෝම්බර් 01 වැනිදා දහවල් 1.30ට ආරම්භ කරන බවද, පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ පෙ.ව 9.00 සිට විවිධ ළමා වැඩසටහන් සංවිධානය කර තිබෙන බවද අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය වැඩිදුරටත් කියා සිටී.

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යනය, හග්ගල ජාතික උද්භිද උද්‍යානය, හම්බන්තොට මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය, අවිස්සාවේල්ල සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය, ගම්පහ උද්භිද උද්‍යානය යන උද්භිද උද්‍යානවලට ළමා දිනය වෙනුවෙන් අවුරුදු 18ට අඩු අයට නොමිලේ ඇතුළුවීමට ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ද අවස්ථාව සලසා තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.

 

Read more

Local News