විශ්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ රදගුරු අභිෂේකයේ ස්වර්ණ ජයන්ති සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

විශ්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ රදගුරු අභිෂේකයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් සංවිධානය කර තිබු උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
ජාති, ආගම් භේදයකින් තොරව සියලූ ජනතාවට සෙනෙහබර වෙමින් අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් වහන්සේ ආගමික සහ සාමාජයීය වශයෙන් ඉටුකරන පුථල් මෙහෙවර මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.
මෙම උත්සවයේ විශේෂ දේශනය මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා විසින් සිදු කරන ලදී.
අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ පණිවිඩය ප්‍රකාශයට පත් කිරීම ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා විසින් සිදු කළහ.
Exit mobile version