කොටහේන ජාතික පාසලේ ගොඩනැගිල්ලක ගින්නක්

කොටහේන ජාතික පාසලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ගොඩනැගිල්ලේ අද (24) ඇති වු ගින්නකින් ඉහළ මහළ සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව කොටහේන පොලිසිය පවසයි.

ගින්නෙන් රුපියල් ලක්ෂ ගණනක දේපල විනාශ වී තිබේ.

ගින්නට හසුවීමෙන් දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ තිබු පරිගණක 40කට ආසන්න ප්‍රමාණයක් හා තවත් දේපළ රැසක් විනාශයට පත් වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Exit mobile version