කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීමට යෝජිත හෘද ප‍්‍රතිකාර සහ දැඩි සත්කාර රෝගී සේවා වාට්ටු සංකීර්ණය ඉදිකිරීම් කටයුතු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ ආරම්භ විය.
කුඩා ළමුන්ගේ හෘදරෝග ප‍්‍රතිකාර සහ දැඩි සත්කාර රෝගී සේවා වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජය සහ ”පුංචි හදවත්” ව්‍යාපෘතිය තුළින් ලැබුණු මහජන දායකත්වයෙන් මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට නියමිතය.
ඒ සඳහා යෝජිත වියදම රුපියල් බිලියන 02 ක් වන අතර ගොඩනැගිලි සංකීර්ණය මහල් 10 කින් සමන්විතව ඉදිකෙරේ.




