උසස් පෙළ විභාගය ‌හේතුව‌ෙන් විභාග මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත මෙන් ම විභාග මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු යොදවා ඇති අතර සෑම පොලිස් වසමකම පවත්වනු ලබන විභාග මධ්‍යස්ථාන වෙත පොලිස් ජංගම සංචාරයකින් ආරක්ෂාව සැපයේ.
පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළ‌ේ, ප්‍රශ්න පත්‍ර සහ උත්තර පත්‍ර ප්‍රවාහනය කරනු ලබන වාහන සඳහා ද පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු යෙදවීමට ද කටයුතු යොදා ඇති බවයි.
Exit mobile version