103 වන උදා ගම්මානය අද ජනතා අයිතියට

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 103 වන උදා ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම “සාලියමාලාපුර” අද (06) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.
නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබාදී තිබෙන අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
“සාලියමාලාපුර” ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 4කි. මෙහි මුළු නිවාස ගණන 24කි.
සෑම නිවසකටම පර්චස් 20බැගින් ලබාදී තිබේ. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.
Exit mobile version