මහනුවර සිදුවීමේ දේපළ හානි වන්දි ලබාදීම ඉක්මනින් ම අවසන් කරනවා – අගමැති

මහනුවර ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ කලබලකාරී සිදුවීමෙන් හානියට පත් දේපළ සඳහා වන්දි ලබාදීමට රජය රුපියල් මිලියන 205ක තක්සේරුවක් කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිදුවීමෙන් හානියට පත් දේපළ සඳහා වන්දි ලෙස පසුගිය දා රුපියල් මිලියන 18ක මුදලක් ලබාදීමට ක්‍රියා කළ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, තක්සේරු කිරීමේ යම් ප්‍රමාදයක් පවතින බවත් එම කටයුතු අවසන් වූ වහාම වන්දි මුදල් ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවත් මේ වනවිට මුදල් වෙන් කර තිබෙන බවත් පැවසී ය.

Exit mobile version