සපරාධි කරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) කෙටුම්පත සම්මත ‍වෙයි

සපරාධි කරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) කෙටුම්පත අද (9) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 95 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 31 ලැබුණි.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පසුගිය 07 දින පැවැත්වූ අතර එදින පනත් කෙටුම්පත සම්මත කිරීම සිදු නොවුණි. ඒ අනුව කල්තබන ලද සම්මත කිරීම අද පාර්ලිමේන්තුවේ දී සිදු විය.

Exit mobile version