රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සමාජිකයින් දිවුරුම් දෙයි

රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සභපතිවරයා ඇතුළු සාමාජිකයින් දිවුරුම් දීම අද (09) පාර්ලිමේන්තුවේ දී සිදු විය. කතානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කළේ ය.

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා කොමිෂමේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. සෙසු සාමාජිකයින් ලෙස හිටපු අභියාචනාධීකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා, හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරුන් වන වි.කන්දසාමි, අයි.ජී.ගාමිණි අබේරත්න සහ හිටපු අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඒ.එස්. පෙරේරා යන මහත්වරු දිවුරුම් දෙනු ලැබීය.

Exit mobile version