පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් නිමිත්තෙන් විශේෂ පාර්ලිමේන්තු සභා වාරය අද

Share

කතානායක කරූ ජයසූරිය මහතා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය  අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බවයි.

මේ අවස්ථාවට සාර්ක් රාජ්‍යයන් හී සියලු පාර්ලිමේන්තුවල කතානායකවරු, නියෝජ්‍ය කතානයකවරු, විදේස් රටවල නියෝජිතවරු,ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතය.

සුවිශේෂී ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ප.ව. 2.30ට විශේෂ පාර්ලිමේන්තු සභාව අරම්භ වෙයි. එහිදී අතිගරු ජනාධිපතිතුමා, අග්‍රමාත්‍යතුමා, සභානායකතුමා, විපක්ෂනායකතුමා සහ පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් විසින් සභාව අමතනු ඇත.

ඉකුත් වසර 70 තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සමාජ අභිවෘද්ධිය උදෙසා විවිධ පනත් රාශියක් සම්මත කිරීමට  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමත් වී ඇත. අධ්‍යාපනය, සෞඛ්‍යකෘෂිකර්මය, ප්‍රවාහනය, බලශක්ති උත්පාදනය, නිවාස, මහාමාර්ග යනාදී ක්ෂේත්‍ර ගණනාවකට අදාළ පනත් හේතු කොටගෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතය උසස් වී ඇත. අප රටේ මානව සංවර්ධන දර්ශක අසල්වැසි රටවලට වඩා බෙහෙවින් ඉහළ ගොස් තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දායකත්වය ඉමහත් ය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවදයට වසර 70ක් සපිරෙන මේ අවස්ථාවේ ජාතිය හමුවේ ඇති අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැඩි ලෙස අදිටන් කරගෙන ඇති බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

 

 

Read more

Local News