යාපනයේ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මරුට

යාපනයේ කෝපායිහී මලෛයි හංදිය ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

යතුරුපැදියක් වාහන කිහිපයක් පසුකර යාමට උත්සහ කිරිමේදි ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

කෝපායි මධ්‍යම ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක් මෙසේ මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version