තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගෙන් සුබපැතුම්

Share

පාකිස්තානය සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම රංගන හේරත් ක්‍රීඩකයාට ද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සුබපැතුම් එක්කර තිබේ.

ජයග්‍රහණයන් මෙන්ම පරාජයන් ද සෑම කල්හිම නොපවතින බව පසක් කරමින් ලැබූ මෙම ජයග්‍රහණය විශිෂ්ට බවයි ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සැබෑ දක්‍ෂතාව යනු නොවැටී සිටීම නොව වැටෙන වැටෙන වාරයක් පාසා නැවත නැගී සිටීමයි යන ලෝක ප්‍රකට කියමන යළි සැබෑ කරමින් අපට නැවතත් නැගී සිටිය හැකි බව ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයින් ලෝකය හමුවේ අවධාරණය කර ඇති බව ද එහි සඳහන් ය.

 

Read more

Local News