හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ විශාල නායයාමකට සක්‍රිය වී ඇති නිසා එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට හැටන් පොලිසිය ඊයේ (16) පස්වරුවේ කටයුතු කළේය.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජලය, සියළුම වාන් දොරටුවලට ඉහලින් අද (18) අලුයම වාන් දැමීමට පටන්ගෙන ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
එලෙස එම ජලාශයේ ජලය සියළුම වාන් දොරටුවලට ඉහලින් වාන් දැමීම සිදුවන්නේ වසර පහකට පසුව බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මාවුස්සාකැලේ හා ඉහල කොත්මලේ ජලාශවල වාන් දොරටු තුන බැගින් විවෘත කර ඇති අතර කැනියොන් සහ ලක්ෂපාන ජලාශවල සියළුම වාන් දොරටු ද මේ වන විට විවෘත කර තිබේ.