අනුරාධපුර, ක‌ෝලිබැද්දෑව ප්‍රද‌ේශය‌ේ ලිඳක් තුළ බිළිඳු මළසිරුරක්

අනුරාධපුර, ක‌ෝලිබැද්දෑව ප්‍රද‌ේශය‌ේ නිවසක් පිටුපස ලිඳක් තුළ තිබී බිළිඳු මළසිරුරක් ඊය‌ේ (27) පස්වරුවේ ස‌ොයා ග‌ෙන තිබේ.

ලිඳ තුළින් දුගඳක් හැමීම හ‌ේතුව‌ෙන් නිවැසියන් ස‌ොයා බලා ඇති අතර එහිදී ජලය මත පාව‌ෙන බිලිද‌ෙකුග‌ේ මළසිරුරක් දැක තිබේ.

ඉන් අනතුරුව නිවැසියන් විසින් පරසන්ගස්වැව ප‌ොලිසීය ව‌ෙත ‌මේ පිළිබඳ දැනුම් දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළ‌ේ.

අනතුරුව පරීක්ෂණ ආරම්භ කළ පරසන්ගස්වැව ප‌ොලිසීය සඳහන් කළ‌ේ, අනුරාධපුර ම‌හේස්ත්‍රාත්වරයා ඉදිරි‌යේ බිළිඳු මළසිරුර අද ග‌ොඩ ගැනීමට කටයුතු කරන බවයි.

Exit mobile version