කෝටියකට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 503 සමඟ පුද්ගලයෙකු අළුත්කඩේ අබ්දුල් හමීඩ් වීදියේදී වැල්ලවත්ත දිසා දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුක්තය.
වැල්ලවත්ත දිසා දුෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීමට සිදු කර තිබේ.
මෙම සැකකරු අද (28) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
Exit mobile version