ප්‍රසම්පාදන කමිටු වලට නිසි ලෙස සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරුන් ඉවතට

Share

ප්‍රසම්පාදන කමිටු සදහා සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරු ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රසම්පාදන කමිටුවලට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මහනුවර මහ රෝහලේ පැවැති රෝහල් කළමණාකරණ කමිටු රැස්වීමකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේය.
මහනුවර මහ රෝහලේ අළුතින් ඉදිකරන ලද තැලසිමියා නිවාරණ ඒකකය සහ පරීක්ෂණ සදහා ලේ, මුත්‍රා සාම්පල ලබාගැනීමේ ඒකකය විවෘත කිරීමෙන් අනතුරුව මෙම රෝහල් කළමණාකරණ කමිටු රැස්වීම පැවැත්විනි.

Read more

Local News