ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ සුළු වැඩිඩීමක්

Share

දැනට දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිඩීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව සබරගමු පළාතේ විටින් විට වැසි ඇති විය හැකි අතර බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාරි කිහිපයක් ඇති වේ.අනෙකුත් පළාත්වල තැනින් තැන පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගිරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

 

Read more

Local News