රත්නපුර ඉඩම් ගැටළුවලට පිළියම් යොදයි – අමාත්‍ය ගයන්ත කරුණාතිලක

Share

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ ඉඩම් වල දීර්ඝකාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට ජිවත්වන ඉඩමට හිමිකමක් ප්‍රකාශ කිරීමට නොහැකිව සිටි ජනතාවට හිමිකම් ඔප්පු ලබාදීම වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියරය බළන්ගොඩ, ඉඹුල්පේ, කහවත්ත, ඇලපාත, සහ නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි දෙදිනක් පුරා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධන්ත්වයෙන් සාර්ථකව පැවැත්විණ.

එහිදී තමන්ට දීර්ඝකාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට පැවති මෙම ගැටලුවට කඩිනමින් විසදුම් ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිසිටි ජනතාව මෙම වැඩසටහනට සිය කැමැත්ත පළකරමින් අමාත්‍ය වරයාගේ වැඩපිළිවලට උණුසුම් ප්‍රතිචාරයක් දැක් වූහ.

එසේම මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමිව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ ඉඩම් වල දීර්ඝකාලයක් පුරා ජිවත්වූ පවුල් කිහිපයකට අදාල හිමිකම් ඔප්පු පිරි නැමීමද අමාත්‍යවරයා අතින් එදින සිදුවිය.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන ඉදිරියේදී දීපව්‍යාප්තව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පවත්වා ජනතාවගේ මෙම නොවිසිදුණු ඉඩම් ගැටලුවට ඉකමනින් විසදුම් ලබාදීමද නියමිතය.

 

Read more

Local News