තවදුරටත් වැසි රහිත කාලගුණ තත්වයක්

Share

සබරගමුව පළාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ සිහින් වැසි ඇතිවීමේ හැකියාව හැර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (06) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45 දක්වා තරමක තද සුළං ඇතිවිය හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින (06) දහවල් 12.08 වැලිපැන්න, වැද්දාගල, පල්ලෙබැද්ද, අඟුණුකොලපැලැස්ස සහ මහිරාව යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

Read more

Local News