ජාතික රෝහලතුල ශ්වසන රෝග ඩිජිටල්කරණයට

Share

ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලත් ඩිජිටල්කරණයට පත් කර ඈත, එම රෝහලේ සෞඛ්‍ය වාර්තා තොරතුරු සහ රෝගී ප්‍රතිකාර සේවා රැසක් ඩිජිටල්කරණය කර තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසන පරිදි රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාකෝඩ් පතක් ලැබෙන නිසා රෝගියාට ප්‍රතිකාර ලබාගැනීම ඇතුළු සියලු සේවා ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව සිදුකර ගැනීමට හැකියාව පවති.
රෝග ඉතිහාසය පිළිබඳ දත්ත බාකෝඩ් අංකය යටතේ වාර්තා වීමි කඩිනමින් සිදුවිම තුලින් වෛද්‍යවරයාට එය පරිශීලනය කිරීමට හැකිවන බවද ඔවුහු පවසති.

සාමාන්‍ය පරිදි මෙතෙක් කලක් සිදු කෙරුණු රෝගීන්ගේ එක්ස්රේ ගැනීමේ කටයුතු මින් ඉදිරියට විනාඩී කිහිපයක් තුළදී ඉතාමත්ම ගුණාත්මක බවින් ඉහළ එක්ස්රේ පතක් නිරීක්ෂණය කිරීමේ හැකියාව වෛද්‍යවරයාට ලැබෙන බවද පෙන්වා දෙති.
මේ වනවිට මෙම ව්‍යාපෘතිය යටතේ රෝහල් 32ක් පමණ ක්‍රියාත්මක කර තිබෙන බවත් මෙම වසර තුළදී තවත් රෝහල් 12ක පමණ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක මහතා සදහන් කරයි.

Read more

Local News