පරිසර ගැටළු වාර්තාකරණය පිළිබඳ මාධ්‍යවේදින් දැනුම්වත් කෙරේ

Share

පරිසර ගැටළු වාර්තාකරණය පිළිබඳ මාධ්‍යවේදින් දැනුම්වත් කිරිමේ වැඩමුළුවක් අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි පැවැත් විණි.
”සීමාසහිත පාරිසරික පදනම” මෙම වැඩසටහන සංවිධානය කළ අතර පරිසර ගැටලු වාර්තාකරණය පිළිබඳව වැඩමුළුවේදි සාකච්ඡාවට ලක් විය.
මෙම සාකච්ඡාවේ දි අදහස් දැක්වු සිමාසහිත පාරිසරික පදනමේ අධ්‍යක්ෂවරියක හා විද්‍යාඥවරියක වන ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය මෙසේ පැවසිය.

” ශ්‍රි ලංකාවේ ප්‍රජාව රැක ගනිමින් කොයි ආකාරයෙන් ද පරිසර පද්ධතිය රැක ගන්නේ යන්න මෙහිදි මතුවන වැදගත් කරුණයි.මාධ්‍යවේදින්ට පරිසරය සම්බන්ධයෙන් දැනුම්වත් කිරිමෙන් ජනතාව දැනුම්වත් කිරිමට හැකිය. දැනට ලංකාවේ පරිසර පද්ධතින් විශාල අයුරින් විනාශ වෙමින් පවතිනවා.ප්ලාස්ටික්,පොලිතීන් වැනි නොදිරන අපද්‍රව්‍ය ඉවත් කළ ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් මගින් අපගේ ශරියයට හානි සිදු වෙනවා,උදාහරණයක් ලෙස ප්ලාස්ටික් ජල බෝතල් හරහා ජලය බිමෙන් සහ ශරිරයට සිදු කරන රූපලාව්‍ය ආලේප මගින් මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් වර්ග ශරිරයට ඇතුලත් වෙනවා.”

මෙම අවස්ථාවට සහභාගි වු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා මෙසේ සදහන් කළේ ය.

”පරිසරය කියන විෂය සංවර්ධනය විෂය හා බැඳුණු එකක්. සංවර්ධනය සිදු වෙලා තිබෙන්නේ පරිසරයට හානි කරගෙන නම් එම හානි අවම කර ගැනිමට හා මඟ හරවා ගැනිමට වෙනත් විකල්ප සොයන්න සිදුවී තියෙනවා.මෙහෙම ගියොත් මේ පොළොවේ ජිවත් වෙන්නේ කොහොමද කියලා සිතන්න වෙනවා. මාධ්‍ය මඟින් පරිසර ප්‍රශ්න වලට විසදුම් සොයන එක මාධ්‍යෙයන් සිදුවිම ඉතාමත් හිඟයි. මේ විෂය ගැන මාධ්‍ය වේදින් දැනුම්වත් කිරිම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වගකිම වෙන්නේ ඒනිසයි .එම කාර්යයට දැන් අපි යොමු ව් සිටිනවා.කෙසේද මාධ්‍ය මඟින් මෙම කාර්යය ගෙන යන්නේ ? ඔබේ මාධ්‍ය තුළ මෙය කතා කරන්න.ඔබේ කර්තෘ හරහා කතා කරන්න.

පසුගිය කාලයේ රජය සහ සිවිල් සංවිධාන අතර දුරස් බවක් තිබුණා.එහෙත් දැන් සිවිල් සමාජ රටේ අත්‍යාවශ්‍ය සාධකයක් විම නිසා මෙම සංවිධාන උපයෝගි කරගෙන රටේ යහපත් පැත්තට ගමන් කරවීමට උදව් කරනවා. ”2025 පොහොසත් රටක්”හදන එක රජයේ ඉලක්කයි.එය සපුරා ගනිමින් පරිසරයත් රැකගෙන මෙම ගමන ඉදිරියට යැම අපේ අරමුණයි.”

සිමාසහිත පාරිසරික පදනම 1981 දි ආරම්භ කළ අතර විද්‍යාත්මක හා නීතිමය වශයෙන් ශ්‍රි ලංකාවේ ස්වභාවික පරිසරය සංරක්ෂණය කිරිම අරමුණ කොටගත් ලාභ නොලබන මහජන සුභසාධන නීති ආධාර ලබා දෙන ආයතනයකි. මෙම ආයතනය මඟින් නඩු ගොනු කිරිම, විද්‍යාත්මක පර්යේෂණ,විමර්ශන ආදිය සිදු කරයි.විශේෂයෙන් රාජ්‍ය නිලධාරින් , පෞද්ගලික අංශය, පාසැල් ළමුන් හා ප්‍රජාව යනාදි වශයෙන් විවිධ පාර්ශවකරුවන් ඉලක්ක කර ගනිමින් සිමාසහිත පාරිසරික පදනම විසින් සංරක්ෂණය, ජෛව විවිධත්වය,තිරසාර ජිවනෝපායන්, සම්පත් කළමණාකරණය ආදි ව්‍යාපාති 150කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කොට තිබේ.

Read more

Local News