අගමැති ජර්මනියේ සහ ෆින්ලන්තයේ සංචාරයකට

අග්‍රාමාත්‍ය කාර්යාලය අද (04) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (05දා) ජර්මනියේ පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බවයි. ජර්මනියේ, බර්ලින් නුවර සංචාරයෙන් අනතුරුව අගමැති ලබන 09 වැනිදා සිට ෆින්ලන්තයේ නිල සංචාරයක් සඳහා ද එක්වන බව එහි දැක්වේ.

ෆින්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවය තහවුරු කරලීමත්, වෙළෙඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබඳතා ඇති කර ගැනීමත් අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම සංචාරයේදී අගමැති ප්‍රමුඛ ශ්‍රී ලංකා දුත පිරිස ෆින්ලන්තයේ, හෙල්සින්කි නගරයේදී ෆින්ලන්ත අග්‍රාමාත්‍ය යුහා සිපිලර් මහතා ඇතුළු ඉහළ පෙළේ නායකයන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විමට නියමිතය.

Previous articleශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු නිල කාමරයේ ගින්නක්
Next articleබස්නාහිර පළාත් “ජාතික විශ්‍රාමික දින සැමරුම – 2017”