ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය වසරක් පාසා පවත්වන ලෝක සංචාරක දිනය හා සමගාමීව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන “සංචාරක නායකත්ව සමුළුව 2017” කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.
තෙවන වරටත් පැවැත්වෙන සමුළුව සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය සහ කොළඹ විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කර තිබෙන අතර “සංවර්ධනය සඳහා තිරසර සංචාරක ව්‍යාපාරය – ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන” යන තේමාව යටතේ මෙවර එය පැවැත්වේ.