ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ ඩබ්. කේ. දිනුක ක්‍රිෂාන් කුමාර් ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත.

දෙවැනි ස්ථානයට සිසුන් දෙදෙනෙක් පත්ව සිටියි. ඒ ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ එම්. ඒ. එම් ඉඳුමිණි ජයරත්න සහ කෑගල්ල තුල්හිරිය කනිෂ්ඨ විද්‍යාලයේ ටී. එම්. සංජන නයනජිත් තෙන්නකෝන් යන සිසුන් දෙදෙනා ලකුණු 197ක් ලබා ගෙන දෙවැනි ස්ථානයට පත්ව සිටිති.

තුන්වැනි ස්ථානය ලබා ගෙන ඇත්තේ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයයේ ඩී. ඒ. තරුල් සහස් ධර්මරත්න සිසුවාය. ඔහු ලකුණු 196ක් ලබාගෙන තිබේ.

සිසුන් 12 දෙනෙක් ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 195ක් ගනිමින් හතර වැනි ස්ථානයට පත්ව තිබේ.