ප්‍රථම ආසියානු පිරිමි ජාත්‍යන්තර වොලිබෝල් තරඟාවලිය – සජීවී විකාශය සියත ටීවී තුලින්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කරන ආසියානු පිරිමි ජාත්‍යන්තර වොලිබෝල් තරඟාවලිය සැප්තැම්බර් 15 දින(අද ) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී දැන් පැවැත්වේ.

මෙම තරඟාවලිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති,විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 3.00ට ආරම්භ වීමට නියමිතය.

ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායම් නියෝජනය කරමින් රටවල් 8ක් මෙම තරඟාවලියට එක්වෙයි.ඉරාකය,මොංගෝලියව,සවුදි අරාබිය,හොංකොං ,බංගලාදේශය, මැලේසියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය යන රටවල් නියෝජනය කරයි. මෙම තරඟාවලියේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරයි.
මෙහි නිල විකාශන අයිතිය සියත ටීවී ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය විසින් දරනු ලබනවා.

Watch Live – http://siyathatv.lk/watch-live

Exit mobile version