දකුණු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්‍ෂක මුර යාත්‍රාවක් මඟින් ඊයේ (16) දින කිරින්ඳ ධීවර වරායේ සිට නාවික සැතපුම් 26 ක් ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.
මෙම අනතුර සම්බන්ධයෙන් කිරින්ඳ ධීවර පරීක්‍ෂක කාර්යාලය මඟින් කළ දැනුම්දීමකට අනුව ක්‍ෂණිකව ක්‍රියාත්මක වු නාවික හමුදාව දකුණු නාවික විධානයට අනුයුක්ත මුර සංචාරයේ නියුතුව සිටි වෙරළාරක්‍ෂක මුර යාත්‍රාවක් එම ධීවරයින් සහ ධීවර යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා යෙදවීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ක්‍ෂණිකව එම ස්ථානයට ලඟාවු නාවිකයින් පිරිස දැඩි පරිශ්‍රමයක් දරා ධීවරයින් බේරා ගැනීමට සමත් විය.
අනතුරුව බේරාගත් ධීවරයින් නිරුපද්‍රිතව කිරින්ඳ ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසුව ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.