කොටහේන අලුත් මාවතේ වාහන ගමනාගමනය සීමා කෙරේ

අද සිට 09 වැනිදා දක්වා රාත්‍රී 09.00 සිට උදෑසන 05.00 දක්වා කාලය තුළ ජල නල එලීමේ කටයුතු හේතුවෙන් කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හංදියේ සිට ඉබ්බතෙවත්ත හංදිය (රාමනාදන් මාවත) දක්වා වන ප්‍රදේශයේ වාහන ගමනාගමනය සීමා කෙරේ.

පොලීසිය පැවසුවේ, එබැවින් එම මාර්ගයේ භාවිත කරන රියදුරන්ට හා මහජනතාවට ඒ සඳහා වන විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.