රැකියාව නිසා සිදුවන සෞඛ්‍ය අනතුරු සහ ලෙඩ රෝග පිළිබඳ අවදානම් තත්ත්වය හඳුනා ගැනීමේ වැඩමුළුව 27 දා

Share

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශයේ, ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන “රැකියාව නිසා සිදුවන සෞඛ්‍ය අනතුරු සහ ලෙඩ රෝග පිළිබඳ වැඩමුළුව” 2018.09.27 වන දින පෙ.ව.10.00 සිට ප.ව.3.30 දක්වා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නව ශ්‍රවණාගාරයේ දී පැවැත්විමට නියමිතයි.

මාධ්‍යවේදීන් ඉලක්ක කර ගෙන පැවැත්වෙන මෙම වැඩමුළුවේදී රැකියාව නිසා මුහුණදීමට සිදුවන විවිධ අනතුරු සහ ලෙඩ රෝග පිළිබඳව දැනුවත් කිරීම හා ඒ පිළිබඳ ප්‍රායෝගික අධ්‍යයනයක් සිදුකෙරේ. අනතුරුව මාධ්‍ය ආයතන හරහා මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට අපේක්ෂිතයි.

Read more

Local News