ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (20) රැස්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 7.00 ට ජනාධිපති නිළ නිවසේදී මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

Exit mobile version