ශ්‍රී ලංකාවේ ජලජීවී වගාවට උචිත ඉඩම් හෙක්ටයාර් 10,000ක්

Share

ශ්‍රී ලංකාව තුළ මසුන්, ජලජ පැළෑටි සහ බෙල්ලන් ඇතුළු ජලජීවී වගාවට උචිත ඉඩම් හෙක්ටයාර් 10,000ක් ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත.

මෙම ඉඩම් සියල්ල රජයේ ඉඩම් වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් මුහුදු කූඩැල්ලන් (SEA CUCUMBER), මොදා, මූදිල්ලා, ඉස්සෝ, පොකිරිස්සෝ සහ මුහුදු පැළෑටි වගාවට උචිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් පරිදී අද (06) ආරම්භ වන ජාතික  ආහාර නිෂ්පාදන සංග්‍රාම වැඩපිළිවෙළ යටතේ මෙම සියලු ම ඉඩම්වල මත්ස්‍ය වගාව ව්‍යාප්ත කරලීම සඳහා ආයෝජකයින්හට අවස්ථාව ලබා දීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාව තුළ වාණිජ මට්ටමෙන් ජලජීවී වගාව දියුණු කිරීම තුළින් 2020 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 425ක ඉළක්කයක් සපුරා ගැනිමට මෙමගින් අපේක්ෂිතය.

 

 

Read more

Local News