පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපති සෞඛ්‍ය ඇමැති හමුවෙයි

පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපති Zuhair Hamadallah මහතා සහ සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

පලස්තීන ශ්‍රී ලංකා සහයෝගිතා ව්‍යාපාරයේ පුරෝගාමී සාමාජිකයෙකු ද වන සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් පැවැත්වීය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලබාගෙන ඇති දියුණුව පිළිබදව තානාපතිවරයා මෙහිදී ඇගයීමට ලක් කරන ලදි.
Exit mobile version