සයිටම් වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර ලබාද‌ෙයි

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට කිසිදු බාධාවක් නොමැති බවට අභියාචනාධිකරණය ලබා දී ඇති තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ද අද (21) තහවුරු කළ‌ේය.

නිසි සිදුසුකම් ලබා ඇති සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිචි වීමට කිසිදු බාධාවක් නොමැති බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදුන්නේ පසුගිය වසරේ ජනවාරි මස 31 වැනිදා යි.

එම තීන්දුව අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනුකළ අභියාචනා පෙත්සම නිශ්ප්‍රභ කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළ‌ේය.

Exit mobile version