රුපියල අවප්‍රමාණය වීම දේශපාලන ප්‍රශ්නයක් ලෙස සලකා පිළිතුරු සෙවිය නොහැකියි – දුර්වලතා කුමක්දැයි සොයා බලා ප්‍රයෝජනය ගත යුතුයි – මහාචාර්ය එස්.ටී.හෙට්ටිගේ

Share

රුපියල අවප්‍රමාණය වීම දේශපාලන ප්‍රශ්නයක් ලෙස සලකා කිසිසේත්ම පිළිතුරක් සොයා ගැනීමට නොහැකි බවත් මෙවැනි තත්ත්වයක් තුළ අපේ තිබෙන දුර්වලතා කුමක්දැයි සොයා බලා එයින් ප්‍රයෝජනය ගත යුතු බවත් ඒවට අනුකූලව පැහැදිලි දිගුකාලීන පියවර ගැනීම තුළින් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට හැකියාව පවතින බවත් ජාතික විද්‍යා පදනමේ සමාජ විද්‍යාව පිළිබඳ ක්‍රියාකාරි කමිටුවේ සභාපති මහාචාර්ය එස්.ටී.හෙට්ටිගේ මහතා පවසයි.

ඩොලරයේ වටිනාකම ඉහළ යෑම හේතුවෙන් රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධව දේශීය වශයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව රජයේ නිලපුවත් වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්ය එස්.ටී. හෙට්ටිගේ මහතා මේ බව පැවසීය.

Read more

Local News