ව්‍යාජ ලෙස මුද්‍රණය කළ 5000 නෝට්ටු 469ක් සමඟින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 469ක් සමඟින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තඹලගමුව ඉන්ධන පිරවුම්හල අසළ දී මෝටර් රථයක් පරික්ෂාවට ලක් කිරීමෙන් පසු අදාළ මුදල් නෝට්ටු තොගය සොයාගත් බව පොලීසිය පවසා අැත. සැකකරුවන් මාතර, හිනිදුම සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව වාර්තාවේ.

සැකකරුවන් අද(28) කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version