දුම්වැටි හා විදේශීය මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

තීරු බදු රහිතව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි හා විදේශීය මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු කොළඹ වරාය පොලිස් ස්ථානය අසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, සැකකරු සතුව තිබී දුම්වැටි 22000ක් මත්පැන් බෝතල් 09ක් සොයාගත් බවයි.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨායට ලද තොරතුරකට අනුව වෑන් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එම දුම්වැටි හා මත්පැන් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරු අද (29) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version