අවුන් සාන් සුකීට ලබා දී තිබූ සම්මානනීය පුරවැසිභාවය අහෝසි කිරීමට සූදානම් ව‌ෙයි

කැනඩා රජය, මියන්මාර නායිකා අවුන් සාන් සුකීට ලබා දී තිබූ සම්මානනීය පුරවැසිභාවය අහෝසි කිරීමට සූදානම් වන බව විද‌ෙස් මාධ්‍ය වාර්තා කරයි.
රෝහින්ග්‍යා සරණාගත අර්බුදය පිළිබඳ සුකීගේ ක්‍රියාකලාපය මීට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අවුන්සාන් සුකීට මෙම සම්මානනීය පුරවැසිභාවය පිරිනමා ඇත්තේ 2007 වසරේ දී ය.
සම්මානනීය පුරවැසිභාවය අහෝසි කිරීමට කැනඩා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.
Exit mobile version