වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන්

Share

සෑම වසරක ම ඔක්තෝබර් මාසයට යෙදී තිබෙන ජාතික රුක් රෝපණ මාසයට සමගාමීව ක්‍රියාත්මක කරන වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 11දා පෙරවරු 10.00 ට මහනුවර දෙල්තොට කන්දේතැන්න වැව් පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “පුනරුදය” පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ  ජල පෝෂක ප්‍රදේශ රැක ගනිමින් වනගහනය වර්ධනය කර ගැනීම ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන වසර තුනක් පුරා ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන ‍මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ  සොබා දහම රැක ගැනීම සංකල්පයට අනුව මෙම වැඩසටහන වාර්ෂිකව සංවිධානය කෙරේ.

 

Read more

Local News