ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානීට සේවා දිගුවක්

ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප‍්‍රනාන්දුට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් කටයුතු කර තිබේ.

මේජර් ජෙනරාල් දම්පත් ප‍්‍රනාන්දු යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ධුරයට පත් කෙරුණේ ඉකුත් මාර්තු මස 27 වැනිදායි.

1983 වසරේ අපේ‍්‍රල් මස 27 වැනිදා කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක් වූ ඔහු ගැමුණු හේවා බලඇණියේ නිලධාරියෙකි.

Exit mobile version