ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම කථානායවරයා සමඟ සුහඳ සාකච්ඡාවක

කථානායක  කරු ජයසුරිය මහතාගේ ඇරයුමින් අද ‍(05) දින පෙරවරුවේ පාර්ලිමේන්තුව වෙත පැමිණි ආසියානු ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම සමඟ කථානායවරයා සුහඳ සාකච්ඡාවකට එක් වෙමින් ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතා පිලිබඳව විමසිලිමත් විය.

මෙහිදී, රට වෙනුවෙන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ හිමිකරගත් විශීෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව සුභාශිංසනය පළකල  කථානායකවරයා කණ්ඩායම වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීමට කටයුතු කළ‌ේය.

Exit mobile version