රියදුරු උපදේශකයින් 233 දෙනෙකුට නීත්‍යානුකූල පත්වීම්

තමන්ගේ ස්වශක්තියෙන් තමා වෙත පැමිණෙන සේවාදායකයා වෙත නිසි පුහුණුවක් ලබාදී රියදුරු බලපත්‍රය ලබාගැනීමට හැකි තත්ත්වයට පත්කළ යුතු බවද එසේ නොමැතිව රියදුරු බලපත්‍රය ලබාදෙන නිළධාරියා පසුපස ගොස් මුදල් ලබාදී බලපත්‍රය ලබාගැනීම නොකළ යුතු බවද ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ, පසුගියදා රියදුරු උපදේශකයින් වෙනුවෙන් පැවති ලිඛිත පරීක්ෂණයෙන් හා ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් වු රියදුරු උපදේශකයින් 233 දෙනෙකුට නීත්‍යානුකූල පත්වීම් ලබාදීම සඳහා ඊයේ(05) නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී පැවති උත්සවයකදීය.

Exit mobile version