පෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම්?

Share

මහරගම ආසනයේ පැවති මහජන හමුවකදී අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලද බවට අධිකරණ අමාත්‍යංශය නිකුත්කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.

පෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා පනතක් ළගදීම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පවසයි.
මෙම යෝජිත පනත සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරුන් සමඟ ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව අධිකරණ හා බුද්ධ ශාසන ආමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“ආගමික පරිසරයෙන් යුතු පුරවැසියෙක්ගෙන් සෑම විටම සමාජයට වන්නේ යහපතක්. එවන් පරිසරයක් රට තුළ නිර්මාණය කිරීම සඳහා නීති පැනවෙන පනත නීතිගත කිරීමේදි එම ආයතන ප්‍රධානීන් සමග ද සාකච්ඡා කළා.
“ඉරිදා දින සහ පෝය දින ටියුෂන් පන්ති තහනම් කිරීමේ පනතක් ළගදීම පාර්ලිමේන්තුවට ගෙන එනවා. උපකාරක පන්ති ගුරුවරුන් සමග ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා. මේ සමග දහම් පාසල් සදහා ළමුන් යොමු කිරිමට යොමු වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පැවසීය.
මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කළ අමාත්‍යවරයා “මේ සම්බන්ධව අපි ‍මහා සංඝරත්නය, ආගමික නායකයින්ගෙන් ද උපදෙස් ලබා ගත්තා” යනුවෙන් ප්‍රකාශ කළේය.

Read more

Local News